පැය 24ක් තුළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ 172ක් මරුට

Share

පසුගිය පැය 24ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පුද්ගලයින් 172 මියගොස් 326 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන විදේශ අමාත්‍යංශය පවසනවා.

තවත් සමූල ඝාතන 15ක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ අමාත්‍යංශය X හි සටහනක් තබමින් පවසා ඇත්තේ සටන් විරාමය හදිසි අවශ්‍යතාවය හඳුනාගැනීම තවත් කොපමණ පලස්තීනුවන්ගේ ජිවිත අවශ්‍ය ද යන්නයි.

මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයේ සිය මෙහෙයුම් තීව්‍ර කිරීම අවම කර ඇති බව වාර්තා වනවා.

එවැනි තත්වයක් මධ්‍යයේ සිය අරමුණ සම්පුර්ණයෙන් ම ජයගන්නා තුරු පලස්තීන භූමියේ යුද්ධය නවත්වන්නේ නැති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා.

Read more

Local News