11 වන ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළිය සාර්ථකව අවසන්

Share

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සදහා සමිමාන ප‍්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙම තරඟාවලියේ දී ගුවන් හමුදාධිපති කුසලානය වෙනුවෙන් කාන්තා හා පිරිමි යන දෙඅංශයෙන්ම ක්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරඟ වැදුනු අතර, දක්‍ෂතම ත‍්‍රිවිධ හමුදා සේවා ගෝල්ෆ් ක‍්‍රිඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහා ත‍්‍රිවිධ හමුදා ක්‍රීඩකයින් ද තරග වැදීම සිදු විය.

මෙම තරගාවළිය සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප‍්‍රියන්ත පෙරේරා ඇතුලු දෙස් විදෙස් ගෝල්ෆ් ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 100 කට අධික පිරිසක් සහභාගි වී තිබුණා.

මෙහිදි 2024 ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ පිරිමි ශුරතාවය (විශ‍්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ විසින් දිනාගත් අතර කාන්තා ශුරතාවය අනූෂා සේනාධීර විසින් දිනා දෙන තිබෙනවා.

තවද මෙම තරඟාවලියේ දක්‍ෂතම ත‍්‍රිවිධ හමුදා සේවා ක්‍රීඩකයට හිමි කුසලානය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් අසන්ත ගුණරත්න විසින් දිනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News