රුසියාව යටත් කරගෙන සිටින යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් (Donetsk) නගරයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා.
ඉන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
රුසියාව එම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනයට චෝදනා එල්ල කර සිටින අතර යුක්‍රේනය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
යුක්‍රේනය වැඩිදුරටත් පවසා ඇත්තේ ඩොනෙට්ස්ක් යනු යුක්‍රේනය බවත් උදුරාගත් යුක්‍රේනුවන්ගේ ජීවිත පිළිබඳ රුසියාව වගකිවයුතු බවයි.