දකුණු ගාසා තීරයේ රෝහලකට දිගින් දිගටම ප්‍රහාර

Share

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි අල් අමල් රෝහලට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් තිබෙන බව වාර්තා වනවා .

එසේම ඊශ්‍රායල හමුදාව රෝහල වටලා ඇති බවද විදෙස් මාධ්‍යයේ සඳහන්.

මේ නිසා රෝහලේදී මිය ගිය පුද්ගලයින් තිදෙනෙකුගේ සිරුරු රෝහල් මිදුලේ මිහිදන් කල බව පලස්තීන Red Cresent සංවිධානය පවසනවා.

මේ අතර ගාසා තීරයේ ඇති එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය මධ්‍යස්ථාන 22 න් 4 ක් පමණක් ක්‍රියාත්මක වන බවයි පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය නිවේදනය කර ඇත්තේ.

Read more

Local News