මාලදිවයින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සහ විපක්ෂයේ මන්ත්රීවරු අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.
ඒ ජනාධිපති මොහොමඩ් මුයිසුගේ නව කැබිනට් මණ්ඩලයට අනුමැතිය ලබා ගැනීම සඳහා පැවති විශේෂ සැසියක් අතරතුරයි.
එහිදී කැබිනට් ඇමතිවරු සිව් දෙනෙකුට අනුමැතිය දීම ප්රතික්ෂේප කිරීමට විපක්ෂය කටයුතු කර තිබෙනවා.
ඉන් කෝපයට පත් වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් විපක්ෂයේ මන්ත්රීවරුන්ට පහර දී ඇති අතර කථානායකවරයාට බාධා කරමින් නළා නාද කර තිබෙනවා.
පහර දීමෙන් තුවාල ලැබූ මන්ත්රීවරයෙකු රෝහල් ගතකර ඇති අතර පාර්ලිමේන්තු සැසිය අත්හිටුවීමට ද කථානායකවරයා පියවර ගෙන තිබෙනවා.