මිනිස් මොළයට බද්ද කළ චිප් එක

Share

රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කල බව ඉලෝන් මස්ක් නිවේදනය කර තිබෙනවා.

ඔහුට අයත් නිවුරා ලින්ක් සමාගම මෙලෙස මිනිස් මොළයට දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ ලොව ප්‍රථම සමාගම බවයි වාර්තා වන්නේ.

අදාල ශල්‍යකර්මයට භාජනය වූ රෝගියා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බව ඉලෝන් මස්ක් පවසනවා.

මෙම දත්ත ගබඩා කිරීමේ දෘඩාංගය හරහා මිනිස් මොළය පරිගණකවලට සම්බන්ධ කිරීමට හැකියාව හිමිවන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඒ හරහා සංකීර්ණ ස්නායු රෝගවලට ප්‍රතිකාර කිරීමට හැකි බවද වාර්තා වනවා.

Read more

Local News