මේ වන විට ගාසා තීරයේ ජනගහනයෙන් හරි අඩක් අවතැන්

Share

ගාසා තීරයේ මිලියන 2.3ක් වූ ජනගහනයෙන් හරි අඩක් මේ වන විට අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් පවසනවා.

අවතැන්වුවන්ට නිවාස නොමැතිකම මෙන්ම කිසිදු බලාපොරොත්තුවක්ද නොමැති බවයි ඔහු පවසන්නේ.

මේ අතර ඊයේ දිනයේත් රෆා නගරය වෙත ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලයන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඒමෙන්ම 170 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද සඳහන්.

Read more

Local News