මකරාගේ වසර උදාව ගෝලීය ප්‍රේක්ෂකයන් හමුවට

Share

චීන සාම්ප්‍රදායික නව වසර උදාවන්නේ අද රාත්‍රියේයි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් අද රාත්‍රී 8ට ‍ලොව පුරා ප්‍රේක්ෂකයන් හමුවේ දිගහැරේ.

වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය වසර 40 කට වැඩි කාලයක් තිස්සේ සමස්ත චීන ජාතිකයන්ගේ උණුසුම් හැඟීම් ලොවට රැගෙන ගිය අතර, එය නව වසරේ සතුට සමරන චීන ජාතිකයන්ට විශිෂ්ට රසාස්වාදයක් තිළිණ කරන අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.

විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමෙන් වසන්ත උත්සව ප්‍රසංගයට ද ගෝලීය වැදගත්කමක් ලබා දී තිබෙනවා.

1983 වසරේ සිට, චීනයේ ජාතික රූපවාහිනී සේවය වන CCTV නාලිකාව, සෑම චීන සාම්ප්‍රදායික නව වසරක් උදාවන අවස්ථාවේ මෙම මහා කලාත්මක ප්‍රසංගය පවත්වන අතර, එය චීන ජනතාව හදවතින්ම රසවිඳින මහා සංස්කෘතික මංගල්‍යයකි.

ඩම්ප්ලිං සෑදීම සහ වසන්ත උත්සව කවි පද ඇලවීම වැනි සාම්ප්‍රදායික වසන්ත උත්සව චාරිත්‍ර අතරට පවුලේ සියලු දෙනාම එකට වාඩි වී වසන්ත උත්සව ප්‍රසංගය නැරඹීමේ සිරිත ද ක්‍රමයෙන් ඇතුළත් ව තිබේ.

අද (9) රාත්‍රියේ රටවල් 49 ක, නගර 90 ක, 3000 කට අධික පොදු ඩිජිටල් තිරවල මෙම සුවිශේෂ ප්‍රසංගයේ විශේෂ අවස්ථා දැක ගත හැකිය.

ලොව පුරා ප්‍රේක්ෂකයන් චීන වසන්ත උත්සවයේ සහ චීන සංස්කෘතියේ අද්විතීය චමත්කාරය සහිත මේ මහා සංස්කෘතික මංගල්‍යයේ රසය ද අත්විඳිමින්, උද්‍යෝගිමත් ව නව වසර පිළිගනු ඇත.  

Read more

Local News