ලෝක ශූර මැරතන් ධාවකයා ජීවිතක්ෂයට

Share

පිරිමි මැරතන් ධාවන තරඟ ඉසව්වට අදාළ ලෝක වාර්තාවට හිමිකම් කියූ කෙන්යාවේ කෙල්වින් කිප්ටම් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යන විට ඔහු 24 වන වියෙහි පසු වූ බවයි වාර්තා වන්නේ.

රිය අනතුරක් හේතුවෙනුයි කිප්ටම් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

2023 වසරේදී ලෝක වාර්තාවට ඔහු හිමිකම් කියා ඇත්තේ පැය 2යි තප්පර 35ක් තුළ කිලෝමීටර් 42ක දුරක් දිවීමෙනුයි.

මේ වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරඟ සඳහාද කෙල්වින් කිප්ටම් සුදුසුකම් ලබා තිබුණා.

Read more

Local News