පාකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් ඉදිරියෙන්

පසුගිය සතියේ පාකිස්ථානයේ පැවති මහ මැතිවරණයේ අවසාන ඡන්ද ගණන් කිරීම්වලට අනුව හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ආසන 95ක් දිනාගත්තා.

එසේම හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පක්ෂය ආසන 75ක් ලබා දෙවන ස්ථානයට පත්වුණා.

ඒ අනුව අනෙකුත් පක්ෂ එක්ව ඡන්ද ප්‍රතිඵල විකෘති කළ බවට චෝදනා කරමින් විරෝධතා ආරම්භ කර තිබෙනවා.

කෙසේ නමුත් කිසිඳු පක්ෂයකට බහුතර බලයක් ලැබුනේ නැති නිසා එරට මීලග අගමැතිවරයා තෝරාගැනීමට සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

Previous articleසෑම දරුවෙකුම ලක්ෂ 12ක ණයකරුවෙක් – සජිත් කියයි (VIDEO)
Next articleස්වීඩනයේ ජල උද්‍යානයක ගින්නක්