විදේශිකයින් 186ක් පිටුවහල් කිරීමට මාලදිවයිනෙන් තීරණයක් – ලාංකිකයන් 25ක් ද ඒ අතර

Share

නිතීවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ලාංකිකයන් 25දෙනෙකු ඇතුළු විදේශිකයන්න් 186දෙනෙකු පිටුවහල් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා.

වීසා උල්ලංඝනය කිරීම සහ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පිරිසක් මෙලෙස එරටින් පිටුවහල් කිරීමට, තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පිටුවහල් කරන පිරිස අතර ශ්‍රී ලාංකිකයන් 25දෙනාට අමතරව බංග්ලාදේශ ජාතිකයන් 83දෙනෙකු ඉන්දීය ජාතිකයන් 46දෙනෙකු සහ නේපාල ජාතිකයන් 8දෙනෙකු වන බව සඳහන් වනවා.

කෙසේ වෙතත් අදාළ විදේශිකයින් පිටුහල් කරන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

Read more

Local News