ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 29,000කට ආසන්න පිරිසකට දිවි අහිමි වී තිබෙනවා.
ඒමෙන්ම තුවාල ලැබුවන් ගණන 70,000කට ආසන්නයි.
හමාස් සංවිධානය කෙතරම් සටන් විරාම ඉල්ලා සිටියත් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ඒවා තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.
මේ අතර දකුණු ගාසා තීරයේ රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීම හමුවේ එහි සිටින පලස්තීන වැසියන් යලිත්වරක් ආරක්ෂාව පතා මධ්‍යම ගාසාවට පලා යමින් සිටින බවයි වාර්තා වන්නේ.