ගාසා තීරයට ගුවනින් ආධාර

Share

යුද්ධය ආරම්භ වීමෙන් පසු පළමුවරට ගාසා තීරයට ගුවනින් ආධාර බෙදාහැර තිබෙනවා.

බ්‍රිතාන්‍යය ජෝර්දානය සමඟ ගිවිසුමකට එළඹීමෙන් පසුවයි මෙම ආධාර බෙදාහැර ඇත්තේ.

ජෝර්දාන ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ඖෂධ, ආහාර හා ඉන්ධන ඇතුළු සැපයුම් ටොන් 4ක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පැරෂුට්වල සවිකළ ආධාර පැකේජ උතුරු ගාසා තීරයේ තල් -අල් -හවා රෝහල වෙත ගුවනින් අතහැර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රදේශයේ පවතින ගැටුම් නිසා ලෝක ආහාර වැඩසටහන උතුරු ගාසා තීරයට සිදුකරන බෙදාහැරීම් නතරකර තිබෙනවා.

Read more

Local News