ලබන වසරේ සිදුකිරීමට නියමිත පළමු ඉන්දීය අභ්‍යවකාශ මෙහෙයුමට එක්වන ගුවන් හමුදා නියමුවන් සිව්දෙනා ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ගගන්යාන් ලෙස නම්කර ඇති මෙම මෙහෙයුමේදී ගගනගාමීන් තිදෙනෙකු කක්ෂය වටා 400kmක දුරක් ගමන්කර දින තුනකට පසු ආපසු රැගෙන ඒමට ඉන්දියාව සැලසුම් කර තිබෙනවා.
යම් හෙයකින් රොකට්ටුව අක්‍රීය වුවහොත් කාර්ය මණ්ඩලයට ආරක්ෂිතව ගැලවිය හැකි බවයි ප්‍රධාන පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ.
මෙම ගගනගාමීන්ගේ කමිසයේ රන් පියාපත් සහිත ලාංඡන සවිකිරීම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සිදුකළ බවයි වාර්තා වන්නේ.