බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි සය මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
ඉන් පුද්ගලයන් 43දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ පිහිටා තිබූ ආපන ශාලාවකයි.
පසුව එය අනෙකුත් මහල් වෙත පැතිරගොස් තිබෙනවා.
ගින්න ඇති වී පැය දෙකකට පමණ පසු ගින්න පාලනය කළ බවයි වාර්තා වන්නේ.
ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයන් 75දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවත් බෙහෝ පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.