ආධාරවලට ලෙයින් වන්දි ගෙවූ පලස්තීන වැසියන්

Share

ගාසා තීරයට ආධාර රැගෙන පැමිණි ලොරි රථ අසලට රැස් වූ විශාල පිරිසක් වෙත ඊශ්‍රායල හමුදාව ප්‍රහාර එල්ලකර තිබෙනවා.

ඒ යුද ටැංකි මඟිනුයි.

මෙම ප්‍රහාර හමුවේ පලස්තීන සරණාගතයින් 112දෙනෙකු මියගොස් තවත් 280දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම්,තෙරපීම් හා ලොරි රථවලට යටවීම් හමුවේ පුද්ගලයින් මියයාම් සහ තුවලාවීම සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයේ හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක්ද කැඳවා තිබෙනවා.

Read more

Local News