ලොව පැරණිම පාන් තුර්කියෙන් හමුවෙයි

Share

ක්‍රි.පූ. 6600කට පෙර නිෂ්පාදනය කළ ලොව පැරණිම පාන් තුර්කියෙන් හමු වී තිබෙනවා.

දකුණු තුර්කියේ Konya ප්‍රාන්තයේ කැටිල්හෝයූක් ප්‍රදේශයෙන් මෙම පාන් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයෙන් විශාල වශයෙන් විනාශ වූ උඳුන් ව්‍යූහයක්ද හමු වී තිබෙනවා.

උඳුන අවට තිරිඟු,බාර්ලි,කඩල ඇට ඇතුළු අපද්‍රව්‍ය සොයාගත් බවයි මෙම පුරා විද්‍යාඥයින් පවසන්නේ.

මෙම කාබනික අපද්‍රව්‍ය නොපිසූ, පැසුණු පාන් බවද විශ්ලේෂකයින් පවසා තිබෙනවා.

Read more

Local News