මගී ගුවන් යානයක් ඕක්ලන්ඩ් වෙත හදිසියේ ගොඩ බස්සවයි – 50කට තුවාල

Share

ඕස්ට්‍රේලියාවේ සිට නවසීලන්තය බලා පියාසර කරමින් තිබු යානයක කාර්මික දෝෂයක් නිසා මගීන් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

12 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වනවා.

චිලී හී ලැටම් ගුවන් සේවයට අයත් යානයකයි මෙම කාර්මික දෝෂය හටගෙන ඇත්තේ.

හිටි හැටියේම ගුවන් යානය තුළ හදිසි කැළඹිලි ස්වභාවයක් හට ගෙන ඇති අතර නියමුවන් ඕක්ලන්ඩ් ගුවන්තොටුපළ වෙත යානය ගොඩ බැස්වීමට සමත් වී තිබෙනවා.

ගුවන් තොටුපළ කාර්‍යය මණ්ඩලය කල් තියා දැනුවත් කර තිබු බැවින් ක්ෂණික ආධාර ලබා දීම සඳහා ඔවුන් සුදානම්ව සිටි බවයි වාර්තා වන්නේ.

Read more

Local News