රුසියාවේ මොස්කව් රංග ශාලාවකට පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ගණන 150 දෙනෙකුට ආසන්න්නයි.
එම ප්‍රහාරයට සම්බන්ධ තුවක්කුකරුවන් 4 දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ මිනී මැරුම් සහ ත්‍රස්ත චෝදනා යටතේ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් යුක්රේනයට චෝදනා එල්ල කරමින් සිටිනවා.
මෙම පුද්ගලයින් 4 දෙනාගෙන් දෙනෙනෙකු වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සැකකරුවන් 4 දෙනා මැයි 22 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම් කළ යුතු බවයි අධිකරණය නියෝග කර ඇත්තේ.