අමෙරිකාවේ පාලම් අනතුරෙන් 06 දෙනෙකු ජීවිතක්ෂයට

Share

නෞකාවක් ගැටීම නිසා අමෙරිකාවේ වැල්ටිමෝර් ප්‍රදේශයේ පැටප්ස්කෝ ගංගාව හරහා තිබු ෆ්‍රැන්සිස් ස්කොට් කි පාලම ඊයේ (26) කඩා වැටුණා.

අනතුරින් 2 km කට අධික දිගකින් යුත් පාලම සම්පුර්ණයෙන් කඩා වැටුණු අතර ගංගාවට වැටුණු පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පාලමේ ගැටී ඇත්තේ ඩාලි නම් සිංගප්පුරු ධජයක් සහිත ශ්‍රී ලංකාව බලා එමින් තිබු නෞකාවක්.

නෞකාව ගමන් ආරම්භ කර ටික වෙලාවකට පසු එහි එන්ජිම අක්‍රීය වී ඇති අතර අනතුරට හේතුව නෞකාවේ විදුලි බලය ඇනහිටීම බවයි වාර්තා වන්නේ.

Read more

Local News