අමෙරිකාවේ පාලම් අනතුරින් මිය ගිය දෙදෙනෙකුගේ සිරුරු හමු වෙයි

Share

පසුගියදා අමෙරිකාවේ බැල්ට්මෝර් ප්‍රදේශයේ දී සිදු වූ පාලම් අනතුරෙන් එහි නඩත්තු කටයුතුවල යෙදී සිටි කම්කරුවන් 8 දෙනෙකු ගඟට වැටී තිබුණා.

ඉන් දෙදෙනෙකු බේරාගෙන රෝහල් ගත කිරීමට සහන සේවකයන් කටයුතු කර ඇති අතර අනෙක් 6දෙනා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

එම 6 දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු මේ වන විට හමු වී තිබෙනවා.

නමුත් අනෙකුත් සිරුරු 4ම සොයා ගැනීමට අපහසු අතර ඒ සඳහා කල් ගත වන බවටයි සහන සේවකයින් පවසා ඇත්තේ.

ඒ පාලමේ යකඩ සහ කොන්ක්‍රීට් ගං පතුලේ විසිරී තිබීම හේතුවෙනු යි.

Read more

Local News