අනාචාරය සඳහා දැඩි දඬුවම් – තලෙයිබාන් නායකයාගෙන් හඬ පටයක්

Share

ඇෆ්ගනිස්තාන කාන්තාවන් අනියම් ඇසුරකට වරදකරු වුවහොත් ගල් ගසා මාරා දමන බවට තලෙයිබාන් නායක අකුන්සාදා හඬ පටයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අනාචාරය වැනි වරදකට ලබා දිය යුතු දඬුවම ප්‍රසිද්ධියේ කසයෙන් පහරදීම හෝ ගල් ගසා මරා දැමීම බවයි ඔහු එම හඬ පටන් නිවේදනය කර ඇත්තේ.

ඉස්ලාමීය ෂරියා නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවටද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එසේම ගල් ගසා මරා දමන විට එය කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීමක් බව පැවසුව ද අනාචාරයේ හැසිරීමට කිසිඳු සමාවක් නැති අතර මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දෙවියන්ගේ නියෝජිතයින් ලෙස ඔවුන් කටයුතු කරන බවයි හඬ පටයේ දැක්වෙන්නේ.

Read more

Local News