රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

පාදුක්ක ඉංගිරිය මාර්ගයේ ඉහළ බෝපේ ප්‍රදේශයේදී හදුනා නොගත් රථයක පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා පාදුක්ක රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 85 ක් වූ ඕවිටිගම, මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News