ඉගිණියාගල පොලිස් වසමේ බිබිල අම්පාර මාර්ගයේ ගල්ගමුව දෙස සිට රත්මල්ගහඇල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාලමක් යටට වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හා පසුපැදිකරු ඉගිණියාගල රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 38ක් වූ නෙල්ලියද්ද, ඉගිණියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.