ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි – ජනපති

Share

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එසේම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකි සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් එස්එස්සී ක්‍රීඩකයන් ඇගයීමට ලක් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

Read more

Local News