ගින්නකට හසුවී පුද්ගලයෙක් මරුට

Share

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ සේරුපිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගින්නකට හසු වී පිලිස්සීමෙන් මියගොස් ඇති බවට දෙහිඅත්තකණ්ඩිය පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 74ක් වූ සේරුපිටිය, දමනේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු ගොවිතැන් කටයුතු සඳහා කුඹුරේ පිදුරුවලට ගිනි තැබීමට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණිම හේතුවෙන් මරණකරුගේ මුණුබුරා කුඹුරට ගොස් සොයා බැලීමේදී මරණකරු ගින්නට හසුව ඇති බවට දැක තිබෙනවා.

Read more

Local News