14 හැවිරිදි සිසුවාට දිවි අහිමි කළ මාරක රිය අනතුර

Share

මාවතගම පොලිස් වසමේ පරගහදෙනිය පුස්වැල්ල මාර්ගයේ සිංහපුර ප්‍රදේශයේ දී යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදි දෙකෙහි පැදිකරුවන් හා පසුපැදිකරුවන් දෙදෙනා තුවාල ලබා මාවතගම රෝහලට ඇතුලත් කිරීමේ දී පැදිකරුවෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 14ක් වයසැති සිංහපුර පරගහදෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකි.

Read more

Local News