ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි.
කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652ක් වන අතර කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772කි.