මනුෂ්‍ය ඝාතනයක්

Share

මුතුර් පොලිස් වසමේ බහිරියා නගර් කලපු ප්‍රදේශයේ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට මුතුර් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 39ක් වූ බහිරියා නගර්, මුතුර් 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු 2024.03.30 වන දින රාත්‍රී කාලයේ කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් ඇති බවත්, මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මුතුර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News