දෙහිවල ගුවන් පාලමේදී මෝටර් රථයක හදිසි ගින්නක්

Share

දෙහිවල, ගුවන් පාලම මතදී ඊයේ (01) රාත්‍රියේ කාර් රථයක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

දෙහිවල පොලිස් නිලධාරීන් හා දෙහිවල, ගල්කිස්ස නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපැවැත් වූ බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි සිදුව නැති බවයි පොලිසිය පැවසුවේ.

කාර්මික දෝෂයක් නිසාවෙන් ගින්න ඇති වී ඇති බවටයි සැකපළ කරනු ලබන්නේ.

Read more

Local News