පාලනයන් ගිලිහුණු ත්‍රීරෝද රථය පුද්ගලයෙකුට මරු කැඳවයි

Share

සෙවනගල, තුන්ඉරියාව ඩී – 06 ඇළ මාර්ගයේ හබරළුවැව ප්‍රදේශයේ දී ඊයේ (02) රාත්‍රීයේ අනතුරක් සිදුව තිබෙනවා.

ත්‍රීරෝද රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඩී 06 ඇළට පෙරළීමෙනුයි එම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ පුද්ගලයෙකු සෙවනගල රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය වැඩිදුර විමර්‌ශන ආරම්භ කර තිබෙනවා.

Read more

Local News