ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහිව නව පනතක්

Share

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිට ඇති බව රාඡ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.

අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කලේ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත හරහා ඉදිරියේදී ජාතික කාන්තා කොමිසම ද පිහිටුවීමට අවස්ථාව හිමිවන බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News