ඉපලෝගම පොලිස් වසමේ පුලියන්කුලම ප්‍රදේශයේදී පුද්ගලයකුට විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 35ක් වූ අයෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා සිය නිවසට ආසන්නයේ ඇති ඉඩමකට ඇතුළු වීමේදී එම ඉඩම වටා ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් විදුලි සැර වැදී ඇති බව සිදු කල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.