ප්‍රදේශ කිහිපයකට තද වැසි

Share

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News