මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් අවුරුදු ක්‍රීඩා දෙකක නම් වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසනවා.
ඒ අනුව කණා මුට්ටිය බිඳීම මෙම වසරේ සිට වාසනා මුට්ටිය බිඳීම ලෙස වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එසේම අන්ධයාට කිරිකැවීම සගයාට කිරි කැවීම ලෙසද වෙනස් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.