ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරු 2500ක් බඳවා ගැනීමට අනුමැතිය

Share

ගුරු අවශ්‍යතා සම්පුර්ණ කිරිම සදහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරුවරු 6500ක් දක්වා වැඩි කිරිමටත් ඒ සදහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4441ත් වුවත්,ඒ සදහා ගුරුවරුන් 6500ක පමණ අවශ්‍යතාවයක් පවතින බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News