දකුණු කොරියාවේ මහ මැතිවරණය අදයි

Share

දකුණු කොරියානු මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙම මැතිවරණය එරට ජනාධිපති යූන් සුක් යෝල්ගේ පරිපාලනය පිළිබඳව වන ජනමත විචාරණයක් ලෙස ද විදෙස් මාධ්‍ය අර්ථ දක්වා තිබෙනවා. ඒ ඔහුට තවත් වසර තුනක ධූර කාලයක් ඉතිරිව තිබියදී පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයක් නිසායි.

ඒ අනුව ජනාධිපති යූන් සුක් යෝල්ගේ පක්ෂයට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුනොත් ජනාධිපතිට සිය ධූරයෙන් ඉවත් වීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ. මෙම මැතිවරණයට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 44ක්.

Read more

Local News