ඉරානයට සම්බාධක

Share

ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානයට නව සම්බාධක පැනවීමට අමෙරිකාව හා යුරෝපා සංගමය අවධානය යොමු කර තිබෙනවා.

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ ඉදිරි දිනවලදී මෙම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

තම කණ්ඩායමද ඒ සඳහා කටයුතු කරමින් සිටින බව යුරෝපා සංගම් විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් පවසනවා.

එසේම ඉරානයේ මිසයිල වැඩසටහනට සම්බාධක පනවන ලෙස ඊශ්‍රායලය සිය මිත්‍ර රටවලින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සෙනසුරාදා ඉරානය ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරය සඳහා ඉරාකය, සිරියාව හා යේමනය යන රටවල් ද සහාය ලබා දී තිබෙනවා.

Read more

Local News