Home දේශීය පුවත් නිවසක කාන්තා මළ සිරුරු දෙකක්

නිවසක කාන්තා මළ සිරුරු දෙකක්

0
නිවසක කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

මෙම නිවසේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට නොමැති බවත් එම නිවස ආසන්නයෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවටත් 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබුණා.

ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ දොරගුළු දමා තිබී ඇති අතර පසුව ජනේලයකින් බැලීමේ දී කාන්තාවන් දෙදෙනෙකු බිම වැටී මියගොස් සිටින බවට නිරීක්ෂණය වී තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 65ක් හා 79ක් වූ කාන්තාවන් දෙදෙනෙකු බවට ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබාගත් තොරතුරු මතයි අනාවරණය වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here