පාසල් ළමුන්ට ආහාර ලබා දීමට ගබඩා කර තිබූ සහල් සහ පරිප්පු මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ

Share

පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීම වෙනුවෙන් ගබඩා කර තිබූ සහල් සහ පරිප්පු මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නැති බව රස පරීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

මේ නිසා අදාළ වියළි ආහාර පාසල් වෙත බෙදා දීම තාවකාලිකව නතර කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ පිළිබඳව කතා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සහාපති උපුල් රෝහණ පැවසුවේ මේ ආහාර ලබා දුන්නොත් දරුවන් රෝගී විය හැකි බවයි.

මේ අතර දරුවන්ට හොඳම දේ දෙනවා කියන ආණ්ඩුව ගුල්ලෝ ගහපු හාල්ද කන්න දෙන්නේ කියලා ජෝසප් ස්ටාර්ලින් ප්‍රශ්න කරනවා.

Read more

Local News