ලබන වසරේ සිසු සැරිය සඳහා බස්රථ 500 ක්

Share

ලබන වසරේ සිසුසැරිය සඳහා බස්රථ 500ක් වැඩිකර, සිසුසැරිය බස්රථ 2,000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්, මේ සම්බන්ධව තමා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිලිතුරු වශයෙන් ඔහු මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News