අයහපත් කාලගුණයෙන් පුත්තලමේ 19,000 අධික පිරිසක් පීඩාවට

Share

ශ්‍රි ලංකාව අවට වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික තත්වය හේතුවෙන්, ගත වු පැය විසිහතරක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි අගය මිලිමීටර් 212.5 ක්.

මෙම අධික වර්ෂාව හේතුවෙන් සුළං සමඟ ජල ගැලීම් හා ගංවතුර ආපදා තත්වය නිසා දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 19,128 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් පවසනවා.

මොවුන්ට අවශ්‍ය සහන සේවා කටයුතු ප්‍රාදේශීය ලේකම්වරු, ආපදා සහන සේවා නිලධාරින් සහ ග්‍රාමනිලධාරින්ගේ මැදිහත්වීමෙන් සිදුකෙරෙන බව ද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

Read more

Local News