මැයි 26 සිට ජාතික ඩෙංගු මර්දන සතියක්

Share

වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඩෙංගු අවදානම ඉහළ ගොස් තිබෙනවා.

මැයි 26 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

මීට අමතරව රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ නව ගොඩැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දුන් සාගල රත්නායක මෙම වැඩපිළිවලට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අදාළ අංශ දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News