ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ ක්‍රියාත්මක දුම්රිය ධාවානාගාර 05න් ධාවානාගාර 02ක්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව වී සිටින බවයි වාර්තා වන්නේ.
වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 32ක් මේ වනවිට අවලංගු වී ඇති බවයි වර්ජකයන් පවසන්නේ.
පස්වරු කාලයේදි දුම්රිය ගමන් වාර මීට වඩා අවලංගු විය හැකි බවයි වෘත්තීය සමිති වැඩිදුරටත් ප්‍රකාශ කළේ.