ධීවර බෝට්ටුවක් අනතුරට ලක්ව පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්

Share

උනවටුන රූමස්සල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය ධීවර බෝට්ටුවක් පෙරලී යාමෙන් එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු අනතුරට ලක්ව තිබෙනවා.

ඉන් එක් පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදහන්වුවන් අවුරුදු 42 හා 56 යන වයස්වල පසුවන ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මොවුන් කුඩා ධීවර බෝට්ටුවකින් උනවටුන රූමස්සල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණපා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Read more

Local News