බටහිර මුහුදෙන් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් (VIDEO)

Share

හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 200ක පමණ ප්‍රමාණයක් සහිත මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන
තිබෙනවා.

ඒ බටහිර මුහුදේ සිදු කළ මෙහෙයුමකදීයි.

මෙහිදී සැකකරුවන් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසුවේ.

සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් ගොඩබිමට රැගෙන ඒමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News