ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

Share

මෝසම් වර්ෂාවත් සමග වතුර එකතු වන ස්ථාන වැඩිවී මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඩෙංගු රෝගය වාර්තාවීම වැඩිවී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී.

අප්‍රේල් මාසයේ අවසන් සති 02 සිට මේ දක්වා ක්‍රම ක්‍රමයෙන් රෝගීන් වාර්තා වීම වැඩිවී ඇතැයිද, මේ වන විට මෙම වසර තුළ ඩෙංගු රෝගීන් 27,639ක් වාර්තා වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News