8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ඇරඹේ

Share

8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ඇරඹේ.

දින හයක් පුරා පැවැත්වෙන එම ප්‍රදර්ශනය අද (24) චීනයේ Yunnan පළාතේ Kunming නගරයේ දී ආරම්භ විය.

රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 82ක් ඊට එක්ව සිටී. ප්‍රදර්ශනයට එක්වන ව්‍යවසායන් සංඛ්‍යාව 2000කට අධිකය.

ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ සියලුම රටවල් ආවරණය වන පරිදි පැමිණි විදේශීය සමාගම් වේ.

හරිත බලශක්ති සම්පත්, නවීකරණ කෘෂිකර්මාන්තය, වෛද්‍ය සේවා හා සෞඛ්‍ය ආරක්ෂාව, සංස්කෘතිය හා සංචාරය යනාදී කර්මාන්ත සම්බන්ධ ප්‍රදර්ශන එහිදී දැකගත හැකිය.

ඉදිකිරීම් තාක්ෂණ, නිෂ්පාදන , හරිත බලශක්ති , නවීන කෘෂිකාර්මික නිෂ්පාදන යනාදී ප්‍රදර්ශන ශාලා 15කින් එය සමන්විතය. ඒ සමගම, කෝපි කර්මාන්ත ශාලාවක් ද ප්‍රථම වරට පිහිටුවා තිබෙනවා.

ඒ සඳහා එක් ව සිටින ව්‍යවසායන් සංඛ්‍යාව 160 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News