ඉලවාලි, පණ්ඩතිරිප්පු ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 74ක් වූ අයෙක් බවයි වාර්තා වන්නේ.
අසල්වාසියෙකු විසින් මරණකරුගේ නිවස දෙසින් දැඩි දුඟඳක් දැනීම හේතුවෙන් පරීක්ෂා කිරීමේදී මෘත දේහය එම නිවසෙහි ඉදිරිපිට කොරිඩෝවෙහි තිබී දැකීමෙන් පසු පොලිසිය දැනුවත් කර තිබෙනවා.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.