පිලිපීන මුහුදේ නෞකාවක් ගිලෙයි

Share

කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පිලිපීනය ආසන්න මුහුදේ ගිලී ගොස් තිබෙනවා.

ඒ නිසා අවට මුහුදු කලාපයේ, විශාල තෙල් පැල්ලම් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 17 දෙනාගෙන් 16 දෙනෙකුව නිරුපද්‍රිතව බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Read more

Local News